අධික වර්ෂාව සමග මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල ග්‍රාමසේවා වසමට අයත් නිවාස 68 ක් ඊයේ (16) ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අවතැන්වූ බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.
ජලගැලීමෙන් විපතට පත් ජනතාව ආරක්ෂක ස්ථාන කරා කඩිනමින් යොමුකිරීමට කටයුතු කල බවත් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රාදේශීය සභාවල ගිරිඋල්ල පොලීසිය සහ කුරුණෑගල දිස්ත්‍රික් ආපදාකරණ මධ්‍යස්ථානය එක්ව සහනසේවා කටයුතුද ආරම්භ කල බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අවතැන්වූ ජනතාවට වෙත පිසූ ආහාරල පානීය ජලය ඇතුඵ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම නාරම්මල ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉන්ද්රාන්ල කුලියාපිටිය කොට්ඨාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ ටී ඒ සමරකෝන් යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබීය.
පන්නල - හේමා රාජපක්ෂ