ඊයේ දවස ශ්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ දවසක් බවත් ඒ දිහා බලලා රටේ ජනතාව නෙලුම් කුලුණ නෙලුමක් සේ පිපුණු බව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද (17) දින කොළඹදි පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අබේගුණවර්ධන මහතා,
"රටේ ජනතාව නෙලුම් පොහොට්ටුව ගැන බලාපොරොත්තු තියන් ඉන්න වෙලාවේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිවරයා විසින් නිර්මාණය කරලා රටට දායාද කරපු නෙලුම් කුලුණ ඊයේ මහින්ද රාජපක්ෂ මහතා නැතුව ජනතා අයිතියට විවෘත වුණා. 2015 ජනවාරි නමවෙනිදා බලයට පත් වුණාට පස්සේ යහපාලන ආණ්ඩුව මේ නෙලුම් කුලුණ දිහා බලල මොනවද කිව්වෙ. එක මහත්තයෙක් කිව්වා මේක හොඳයි පැනලා මැරෙන්න කියලා. මේ කුලුණ විවේචනය කරමින් බලයට පත්වුණු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසින් ආරම්භ කරලා සියයට අසූවක් පමණ වැඩ ඉවර කරලා තිබුණ දේවල් වල ඉතිරි කොටස නිර්මාණය කරලා තමන්ගෙ දෙයක් හැටියට විවෘත කිරීම ගැන රටේ ජනතාව අද වැඩි වැඩියෙන් කතා කරනවා. ඊයෙ ජනාධිපතිතුමා කිව්වා මේ කුලුණට බිලියන ගණනාවක ගෙවපු මුදල් සහ සමාගමත් අද වෙනකොට නෑ කියලා. නෙලුම් කුලුණ 2012 ආරම්භ කෙරුවට පස්සේ 2015 ජනවාරි 9 දායින් පසුව මෙහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර වුණා. ඒ සමාගම්වල ගනුදෙනු සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. වෛරී දේශපාලනය තුළ එක ආණ්ඩුවක් පටන් ගත්ත දෙයක් නව ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ යුතු නෑ කියන සංකල්පය නිසා නෙලුම් කුලුණ ව්‍යාපෘතිය ඉදිරියට අරන් ගියේ නෑ.
ඒ තුළින් වුනු පාඩුව රුපියල් බිලියන 11ක්. ගණකාධිකාරි වාර්තාවල තිබෙනවා රුපියල් බිලියන 11 ක් රජයට අහිමි වූ බව. ඔය කියන සමාගම එතන නැත්නම් මේ රටේ තියෙන එෆ් .සී .අයි ඞී ආයතනය අල්ලස් හා ¥ෂණ කොමිෂන් සභාව ජනාධිපති කොමිසම වැනි සියල්ලටම තිබුණා. එවැනි දෙයක් වෙලා තිබුනා නම් ඊට වගකිව යුත්තේ කවුද කියන එක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. එහෙනම් පහුගිය අවුරුදු හතරහමාරක් පුරා ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. චීනය සමඟ අපේ රටට හොඳ වෙළෙඳ ගිවිසුම් තිබෙනවාග අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් චීන තානාපති තුමා චීන රජය නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදු කරයි කියලා. මොකද එතුමාගේ රටේ ආයතනයක් මේ කතාවට සම්බන්ධ නිසා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාව යම් යම් පාර්ශවයන් නිලධාරීන් විසින් නොමඟ යවනවා ද කියලා අපට වෙලාවකට සැක හිතෙනවා. මොකද ඒකට අපට සාධක තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දහනවවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ල අපේම කණ්ඩායම් රැුස්වීමේදී කිව්වා 19 වැනි සංශෝධනය අනිවාර්යයෙන්ම අපි අනුමත කර ගන්න ඕනෙ කියල. එහෙම කියලා දහනමවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. පසුව මෛත්‍රීපාල ජනාධිපතිතුමා ම කියනවා දහනමවැනි සංශෝධනය ඉතාමත්ම රටට අහිතකර සංශෝධනයක් කියලා. එතුමාට වැරදි තොරතුරක් තමයි දහනවවැනි සංශෝධනය හොඳයි කියලා එදා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට හිතෙනවා මේ වගේ සම්පත් රටට ලබා දීලා ඒ ලබාදිය යුතු දේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නෙවෙයි ජනාධිපතිතුමාට ලබා දීලා තියෙන්නෙ කියලා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් මේ වනවිට බරපතල අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. නීතිය වෙනස් වෙන්නේ මේක ජයසිංහ මහත්තයාගේ ගොඩනැගිල්ල නිසාද. අවුරුදු තුනක් ගිවිසුම් ගත විය යුතු ගොඩනැගිල්ල අවුරුදු පහකින් ගිවිසුම්ගත වෙලා තිබෙනවා. අවුරුද්දක්ම නිකං මුදල් ගෙවලා. ඒ විතරක් නෙමෙයි ගොඩනැගිල්ලේ ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකුත් බලන්නේ නැතුව මෙහෙම ද රාජ්‍ය ආයතන වලට බදු ක්‍රමයට ගොඩනැගිලි ගන්නේ.
හිටපු අමාත්‍යවරයා දෙන සාක්ෂි සහ අගමැතිවරයා දෙන සාක්ෂි දෙකම දිහා බැලූවහම පැහැදිලි ලෙසම මෙතන වංචාවක් සිදු වෙලා තිබෙන බව පෙනෙනවා. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. මේක ආන්දෝලනාත්මක සිද්ධියක් බවට, අද වෙනකොට පත්වෙලා තිබෙනවා. මේ ගැන අහන්නකොට පාර්ලිමේන්තුවේ උත්තර දුන්නේ චණ්ඩි පාට් දාලා. හැබැයි ආණ්ඩුවේ හොරකම මෝය කටින් පොල්ලෙල්ලක් ගියා වගේ. මේ දවස් වල ආණ්ඩුව හරි හරියට හොරකම් කරනවා. මොකද මේ ආණ්ඩුවට තව තියෙන්නෙ සතියක් දෙකක් විතරයි. සජිත් පේ‍්‍රමදාසගේ කණ්ඩායම සජිත් ඕනේ කියද්දි සජිත් පේ‍්‍රමදාසත් වේදිකාවේ නැගලා සෙන්ටි මීටරයක් වත් පස්සට යන්නේ නැහැ කියනවා.ඒ වුනාට සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ කොන්ද අරලියගහ මන්දිරයේ දී නැමෙන්නේ ඇයි?" යනුවෙන් අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි