භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට නම්, දැනට පවතින ආණ්ඩුව බිඳවැටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනතුරු ආණ්ඩුව වැටෙන ක්‍රමයක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුව වැට්ටීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒකාබද්ධ විපක්ෂය බලපෑම් කරමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද (10දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.