ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට ප්‍රකාශ කරන තුරු භාරකාර ආණ්ඩුවක් සම්බන්ධව දිගින් දිගටම කතා කිරීම තේරුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පැවසීය.
මවාගත් ප්‍රශ්න ගැන කතාකිරීමෙන් රටට ඵලක් නොමැති බැවින් ජනතාව මුහුණ දෙන ඇත්ත ප්‍රශ්නවලට පිළියම් සෙවිය යුතු බව සභාපතිවරයා සඳහන් කළේය.
ආණ්ඩුව පසුගිය කාලයේදී සතියකට එක ප්රශ්නය බැගින් නිර්මාණය කළ බවත්, ඒ හේතුවෙන් සැබෑ ජනතා ප්‍රශ්න යටගිය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජී.එල්.පි රිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් රජය ප්‍රමුඛතා හඳුනාගෙන නොමැති බවත්, ජනතා ප්‍රශ්න විසඳීම හැර අනෙකුත් සියලුම දේවල් කරමින් සිටින බවත්ය.