භාණ්ඩ ආනයන අපනයන ක්‍රියාවලියේදී විශාල අක්‍රමිකතා සිදුවන බවත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ ආගමික සංවිධාන විසින් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉදිරිපත් කරන ඇතැම් ලියකියවිලි ඇස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්න හැකි අය විසින් සකස් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(6) තංගල්ල වනවාසල කුඩාවිහාරයේදී පැවැති හම්බන්තොට දිස්ත්‍රීක්කයේ රෝහල්වලට අවශ්‍ය රුපියල් කෝටි දෙකක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ රජවැල්ලේ සුභූති හිමියන් විසින් මෙම උපකරණ ලබා දී තිබූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් එම උපකරණ රෝහල්වලට ලබා දීම සිදුකෙරිණි.
අනීෂා මානගේ