කිඹුලා ඇල ගුණාගේ සහෝදරයෙක් වන ඉන්දියාවට පළා ගොස් සිටින සුරේෂ් නැමැත්තාට අයත් රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්කුඩු තොගයක් කොළඹ 12 සෙන්ට්‍රල් පාරේ නිවසක භූගත බංකරයක් තුළ සඟවා තිබියදී එම නිවසේ අඹු සැමි යුවල සමඟ ඊයේ 17 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කියයි.මත්කුඩු තොගයේ බර කිලෝ13 කට ආසන්න වන බව පොලීසිය සඳහන් කරයි. රෙදි පිලි භූගත බංකරේ උඩින් දමා එය පිටතට නොපෙනෙන සේ වසා දමා තිබූ බව පොලීසිය සඳහන් කරයි.නිවසේ මුළුතැන්ගෙයි ලිප අසල මෙම භූගත බංකරය සාදා තිබූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ