කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පසුව තහවුරු වු හබරාදුව ප්‍රදේශයේ ඇගලුම් සේවිකාවගේ නිවසේ පැවති දානමය පිංකමට වැඩම කළ භික්ෂුන්වහන්සේලා 08 නමක් හා ඇයගේ පළමුපෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙකි ඇගලුම් සේවිකාව කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක සේවය කරන සේවිකාවකි. ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය විමට පෙර ඇයගේ නිවසේ දානමය පිංකමක් පවත්වා ඇත. දානමය පිංකමෙන් දින කිහිපයකට පමණ පසු ඇයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
ඒ සමග දානමය පිංකම සදහා වැඩමකළ ලණුමෝදර පිරිවෙනේ භික්ෂුන් වහන්සේලා 08 නමක් හා මෙකි සේවිකාවගේ පවුලේ අය හා පළමු පෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. භික්ෂුන්වහන්සේලාගේ හා පළමුපෙළ ආශ්‍රිතයින්ගේ පි.සි.ආර් පරික්ෂණ වලට ලක්කිරිමට නියමිතව ඇත.