2009 වසරේ පැවති අවසන් යුද්දය හේතුවෙන් බෝම්බ ප්රහාරයන්ට හා වෙඩි ප්රහාරයන්ට ලක්ව සිරුරේ කොඳුඇට වලට සිදුවූ දරුණු හානි හේතුවෙන් පාදයන් අප්රාණකව සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුලතිව්හි සිසුවියන් දෙදෙනෙකු ඉහළම සාමාර්ථ ලබා සමත්වී ඇත.
මුලතිව්හි ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි මුල්ලියාවලෙයි කලෙයිමගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විශේෂ අවශ්‍යතා සහිත මිතුරියන් දෙදෙනෙකු වූ ගංගාධරන් බවධරණී සහ මදියලගන් විදුර්ෂිකා යන සිසුවියන් මෙසේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුලතිව් දිස්ත්‍රීක්කය වෙනුවෙන් ඉහළම සාමාර්ත ලබා ගත් සිසුවියන් දෙදෙනා වී සිටිති.
ගංගාධරන් බවධරණි සිසුවිය මුලතිව් මුල්ලියාවලෙයි බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටින අර 2009 වසරේ අවසන් යුද්දධයේදී එල්ල වූ බෝම්බ ප්රහාරයන් හා වෙඩි ප්රහාරයන්ට ලක්ව ඇගේ සිරුරට දැඩි තුවාල සිදු වී කොඳුඇට පේලියටද හානි සිදුවීම හේතුවෙන් පාදයන් දෙකම අප්‍රාණික වී රෝද පුටුවෙන් ගමන් කිරීමට සිදුව ඇත.
එමෙන්ම ඇයගේ පියාද එම බෝම්බ හා වෙඩි ප්රහාරයන්ට ලක්ව මිය යාම හේතුවෙන් මව සමග නැවත පදිංචිවී ජීවිකාව ඇරඹූ ගංගාධරන් භවධරණී සිසුවිය කෙසේ හෝ අර්ථික දුෂ්කරතා මැද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටමින් ඒ සාමාර්ථ 08 ක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ප්‍රදේශයටම ආදර්ශයක් වී ඇත.
එලෙසින්ම ඇගේ හොඳම මිතුරිය වූ මුල්ලියාවලෙයි නාවලර් වීදියේ පදිංචි මදියලගන් විදුර්ෂිකාද 2009 වසරේ පැවති යුද්දයට මැදි වී කොඳුඇටවලට හානි සිදුවීමෙන් රෝද පුටුවට සීමා වීමෙන් පසුව මව හා පියා සමග නැවත පදිංචි වී දුෂ්කර ජීවිතයක් ගෙවමින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 6 , බී සාමාර්ථයක් හා සී.සාමාර්ථ 02 ක් ලබා සමත් වූවාය.
