බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන වීම සඳහා යොමුකොට සිටී රක්ෂිත බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැනයාමට උත්සාහ කොට ඇති අතර ඒහිදි බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ බව කියන වෙඩිතැබීමකදි එක්කන් රැදවියෙකු මියගොස් තවත් රැඳවියකු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ .
මියගිය රැඳවියා වෙඩි වැදී මියගිය බවට මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු මිය ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතී . කෙසේ නමුත් එහිදී රැදවියන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් සොයා පුළුල් විමර්ශනයක් ද ආරම්භ කොට තිබේ .
ෂේන් සෙනෙවිරත්න