බේරුවල ප්‍රා.සභාවේ මන්ත්‍රීවරියකටත් කොවිඩ් ආසාදිත වෙයි
බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් ආසාදිත වීමෙන් පසු දර්ගානගරයේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක් ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය.
මෙලෙස අද ආසාදිත බව හඳුනාගත් දර්ගානගරයේ පදිංචි දෙදෙනා ඉකුත් 24දා කොවිඩ් ආසාදිත බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ සොයුරිය සහ පුත්‍රයා බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සහ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ අලුත්ගම පොලිස් ඒකකයේ නිලධාරීන් සඳහන් කරයි.
අද කොවිඩ් ආසාදිත බව තහවුරු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, පළමුව කොවිඩ් ආසාදිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට ඉදිරි අසුනේ ඉකුත්දා පැවැති මාසික සභා රැස්වීමේදී අසුන් ගෙන සිටි බව බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුස්මන් ද සිල්වා මහතා පැවසීය.
(25) වන දින දර්ගානගරයේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට භාජනය වූ බේරුවල ප්‍රාදේශීය සභාවේ සෙසු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කණ්ඩායම කොවිඩ් සෘණාත්මක බව පවසයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

