බේරුවල නාවික සෙබලා ස්වකැමැත්තෙන්ම PCR පරීක්ෂණයකට
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලැබ බේරුවල ගනේඅරඹ බංගලාවත්ත ගමට පැමිණි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශය පදිංචි නාවික හමුදා සෙබලෙකු ද කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසු කොළඹ අය්.ඩී.එච්. රෝහලට අද (25දා) රාත්‍රියේ ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.එස්.ඩී. සුරංග මහතා සඳහන් කළහ.
මෙම නාවික සෙබළා ඉකුත් 22දා නිවාඩු ලැබ නිවසට පැමිණ ඇති අතර 24 දින සිය කැමැත්තෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට සුවසැරිය ගිලන් රථයෙන් ගොස් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී ඇතැයි පොලීසිය පවසයි.
මේ අතර මෙම නාවික සෙබලාගේ නිවසට පැමිණෙන සිය ඥාතීන් ඇතුළු හිතවතුන් වන පාර්ශව කිහිපයක පුද්ගලයන් 50 දෙනෙකු පමණ ඇසුරු කර ඇති අතර එම සෙබලාගෙ නිවැසියන් ඇතුළු සියලු දෙනා ස්වයං නිරෝධායන ලක්කර ඇති අතර හෙට (26දා) මෙම පුද්ගලයන් සියලු දෙනා පී .සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
කොරෝනා ආසාදිත සෙබළාත් සමඟ අද (25දා) වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 48 වන බව කියයි.
තුසිත කුමාරද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

