මේ වන විට බිත්තර සිල්ලර මිල රුපියල් 30කට ආසන්න වී ඇති බවත් බිත්තර තොග මිල රු. 27ට වඩා ඉහළ ගොස් ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
මෙම තත්ත්වයට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී බිත්තර මිල තව ත් ඉහළ යා හැකි බවත් බිත්තර කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍යවල මිල බෙහෙවින් ඉහළ ගොස් ඇති හෙයින් ග්‍රාමීය කර්මාන්තයක් ලෙස කෙරෙන බිත්තර නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර බොහෝ බිත්තර නිෂ්පාදකයින් ඉන් ඉවත් වෙමින් සිටින බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කර සිටියි.