බැසිල් පාර්ලිමේන්තුවට - මුදල් ඇමතිකමත් ලැබෙයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහු අද දිනයේදී ඇමෙරිකාවේ සිට යළිත් ශ්‍රී ලංකාවට පැමිණි අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායනය සඳහා යොමුව තිබේ.
මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම සවස ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. මේ වන විට මුදල් අමාත්‍යධුරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරයි.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙමින් පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතව පවතී.
බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් අඩුකරනු ඇතැයි වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ මහතා 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද හෙබවීය.
අංජුල මහීක වීරරත්න
popular news
-
Somapala Friday, 25 June 2021 04:09 AM
This is a world record. A dropout from school at O Level becomes the man in charge of country economy. Ratata deviyange pihitai.
Reply : 0 0
rocky Friday, 25 June 2021 04:13 AM
ivarayi. kapothi. Kelawooons!!!
Reply : 0 0
Anura Nanayakkara Friday, 25 June 2021 12:43 PM
A long letter written with one's own views wearing glasses of political hate. Unbelievable hate towards President Gothabhaya created due to her own views which cannot be proved in any court of justice. You can not crucify the president for not attending to late Mr. Premachandra. That view alone shows your immature nature in politics.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

