බැසිල් එක්ක මෛත්‍රීට හා SBට ඇමතිකම්
බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ නොව මුදල් රාජ්‍ය අමාත්‍යධුරයේ හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යධුරයේ දිවුරුම් දෙන බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් ඇතුළත්බවද වාර්තා වෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පරිසර අමාත්‍යධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවෙයි.
ඒ සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමටද සැලසුම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

