බාල වයස්කාර පුතාට වදහිංසා කළැයි පියාට වසර 20ක අත්හිටවු සිරදඩුවම්
තම බාල වයස්කාර පුත්‍රයාගේ උදරයට සහ ලිංගේන්ද්‍රයට පයින් පහර දී කෘරත්වයට පත්කර අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි යුධ හමුදා සෙබලෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියමකළ අනුරාධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 කට අත්හිටුවීමට අද ( 20 ) දා නියෝග කෙරිණි.
විත්තිකාර හිටපු යුධ හමුදා සෙබලාට තම දරුවාට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසට නියෝග කල විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඩුවමකට ද යටත් කෙරිණි.
අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් මිහින්තලේ ප්‍රදේශයේදි 2017 ජුනි මස 14 දින හෝ ඊට ආසන්න දිනකදී එම දරුවා මෙසේ හිංසනයට ලක්කර තිබුණි. එකී ළමයාට ඕනෑකමින් අඩන්තෙට්ටන් කිරීමෙන්, හිංසා කිරීමෙන් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 308 (ආ ) ( 2 ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.
විත්තිකරු යුධ හමුදා සෙබලෙකු ලෙස මෙරට 30 වසරක් පුරා පැවති යුද්ධය අවසන් කිරීමට සක්‍රීය දායකත්වය ලබා දී ඇති බවත්, එහිදී ඔහුගේ දකුණු පාදය සහ ඇසද අහිමිකරගෙන ඇති බවත් පෙනී යන්නේ යැයි තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා දඩුවම් නියම කිරීමේ දී ඒ පිළිබද සැලකිල්ලට ගන්නා බව කීවේ ය.
එමෙන්ම විත්තිකරුගේ මානසිකත්වය මෙන්ම මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත් ඔහුට පෙරවැරදි නොමැතිවීමත්, කෘරත්වයට පත්කර ඇති ඔහුගේ දරුවාට දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් නොමැතිවීමත් සලකා බලන බව දඩුවම නියම කිරීමේ දී විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ප්‍රියදර්ශනී අත්තනායක මහත්මිය පෙනී සිටියේය.

popular news
-
Kumar Tuesday, 21 July 2020 06:27 AM
Your president has pardoned a soldier who slit the throat of a kid as young as five years in age. Since this is a much lessor offence, the ex-soldier can a full pardon from the president.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
