බිළිඳු දරුවන් 30 දෙනෙකු මුදලට අලෙවි කිරීමේ මිනිස් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය
සැකකරුට විදේශ ගමන් තහනම් කළ අතර ,සාර්ක් කරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ,අලුතින් ගර්භනී මව්වරුන් ආයතන වෙත බඳවා ගැනීම නොකළ යුතු බවත් ,සෑම මසකම මුල් ඉරුදින ලමා හා කාන්තා කාර්යාංශය පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය .
මෙලෙස ඇප මත මුදාහැරියේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි උක්වත්ත ආරච්චිලාගේ සදෙස් මංජුල( 47) යන අයයි
එම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ළමා හා කාන්තා ලමා හා කාන්තා කාර්යංශ ලද තොරතුරක් අනුව ඒ අධ්‍යක්ෂක කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු ඉකුත් 21, වෙනිදා මාතලේ උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව සැකකරු අධිකරණ ඉදිරිපත් කරමින් එම කාර්යාංශයේ නිලධාරින් පැවසූහ.
අතවරයට පත් ගැබිනි කාන්තාවන් සහ දරුවන් හදා වඩා ගැනීමට නොහැකි ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන ගැබිනියන්ට සහනයක් සලසන බව කියමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන සැකකරු අලුත උපන් බිලිදුන් තෙවන පාර්ශවයකට රුපියල් ලක්ෂ එකහමාරකට මුදලකට අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත .
සැකකරු මිනිස් ජාවාරම සඳහා යොදා ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් බවත් එම ස්ථාන ද පරික්ෂාවට ලක්කිරීම එකයි ස්ථානයක ගැබිණි මව්වරුන් දොළොස් දෙනකු දරුවන් මුදලට විකුණා සිටි මව්වරුන් පස් දෙනෙකු සහ විකිණීමට සූදානම් කිසි තවත් දරුවන් තිදෙනකු පොලිස් භාරයට ගත් බව කාර්යාංශයේ නිලධාරීන්ගේ අධිකරණයට පැවසූහ.
නඩුව ලබන මස 4 වෙනිදා වැනිදා කැඳවීමට නියමිතය
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
බිමල් ශ්‍යාමන් ජයසිංහ