වවුනියාව කෝවිල්කුලම ප්රදේශයේ නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ සැකකරුවෙකු අද (2) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
බහරේන් සිට අවස්ථා කිහිපයකදී වවුනියාවට පැමිණ ඇති අදාළ සැකකරුගේ නිවසේ තිබී මෙම උපකරණ තොගය හමුවූ බවට වවුනියාව පොලීසිය පැවසීය.
යුද හමුදා සෙබළුන් හා පොලීසිය එක්ව කෝවිල්කුලම ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක කාමරයක් තුළ සඟවා තිබූ මෙම හමුදා නිල ඇඳුම් ඇතුළු අනෙකුත් උපකරණ තොගය මෙසේ සොයාගෙන තිබේ.
මෙසේ සොයාගත් භාණ්ඩ අතර ඩිජිටල් ටේප් නැමති ලේසර් කිරණ එල්ලකළ හැකි උපකරණයක්, යුද හමුදා අත්වැසුම් , සහ ආරක්ෂක අංශ භාවිතා කරන සපත්තු යුගලයක් මීටර් 750ක් පමණ දිගැති අධි වෝල්ටීයතාවයෙන් යුත් විදුලි රැහැන් රෝල් 4ක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
අදාළ සැකකරු කෝවිල්කුලම් ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර මෙම යුද හමුදා නිල ඇඳුම් ඇතුළු සොයාගත් උපකරණ හා ආරක්ෂක අංශ පළදින සපත්තු සඟවා සිටියේ කුමන අරමුණක් සඳහා ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය නොවූ බවත් සැකකරු වවුනියාව අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට පරික්ෂණ සිදු කරන වවුනියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.