බහුකාර්ය කාර්ය සාධක බලකාය සඳහා බඳවා ගත් දිළිඳු කිසිවකු ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි
“බහුකාර්ය කාර්ය සාධක බලකාය ජනාධිපතිතුමා නිර්මාණය කරනු ලද්දේ දිළිඳු තරුණ තරුණියන්ගේ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා. පසුගියදා බඳවාගත් සමහර දරිද්‍රතාවයෙන් පෙළෙන තරුණ තරුණියන් විවිධ නීතිමය තර්ක යොදා ගනිමින් ඉවත් කරලා තියෙනවා.
අපි මීට වඩා ප්‍රායෝගික විය යුතුයි. ප්‍රධාන අරමුණ තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. දැනට සේවයට බඳවාගත් කිසිවකු ඉවත් නොකර යුතුයි” යැයි ඔහු පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ බහු කාර් සාධක බලකායේ නිලධාරීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතමින් පසුගියදා අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී පැවසීය.
මව හෝ පියා රජයේ සේවය කරනවා නම් එවැනි උදවිය ඉවත් කළාට ගැටලුවක් නොවන බවද ඔහු පැවැසීය. මෙහි නිර්ණායකය වන්නේ ඉතාමත් දරිද්‍රතාවයෙන් පෙළෙන තරුණ තරුණියන්ය.
“අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේ විෂයයන් හයක් සමත්වීම සහ සම්මාන දෙකක් ලබා ගැනීම සාමාන්‍ය පෙළ සමත් නිර්ණායකයක් ලෙස සලකනවා. සමහරු විෂයන් හතක් සමත්ව සම්මාන තුනක් ලබා ගත්තත් වැඩක් නෑ. ගණිතය හා සිංහල අසමත් නම්. ඔවුන්ට උසස් පෙළ කරන්න බෑ. අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. වහාම මෙම තත්ත්වය තේරුම් අරගෙන ජනාධිපතිතුමාගේ අපේක්ෂාව ඉදිරියට ගෙන යාම සඳහා නිර්ණායක සැකසිය යුතුයි”
යස අවුරුදු 18 සීමාව සම්පූර්ණ වීම මුලින්ම දක්වා තිබුණේ 2020 පෙබරවාරි මස අගට. ගිය වසරේ අග සහ මේ වසරේ සම්මුඛ පරීක්ෂණයට ගිය වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච තරුණ තරුණියන් බදවාගෙන නෑ කලින් තිබූ නිර්ණායක නිසා. ඒ නිසා නිලධාරීන් මෙම සංකල්පයේ අරමුණ හා ස්වභාවය නිසි පරිදි අවබෝධ කරගෙන ප්‍රායෝගිකව ප්‍රායෝගික ව කටයුතු කළ යුතුයි”
බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, බහු කාර්ය සාදක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි විය.