බස්රථ පෙර ගාස්තුවම අයකරමින් සිටිනවා

බස් ගාස්තුව සංශෝධනය වුවද සමහර බස්රථ පෙර ගාස්තුවම අය කරමින් සිටින බවත්, ඉතිරි මුදල් ලබා නොදීමේ ගැටලුව විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වූ බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට බස් රථයේ දොරටු දෙපස නව මිල පිළිබඳ පත්‍රිකාව ප්‍රදර්ශනය කළ යුතු බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් බොහෝ බස් රථවල මිල පත්‍රිකාව ප්‍රදර්ශනය කර නොමැති බවද කී ඒ මහතා, ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව ප්‍රමාණවත් ලෙස බස් ගාස්තුව අඩු නොකළ අතර, මේ නිසා බොහෝ ගාස්තු අඩු වී තිබෙන්නේ රුපියලකින් දෙකකින් වැනි මුදලකින් පමණක් බවද සඳහන් කළේය.
ඉතිරි මුදල් නිවැරදිව ලබාදීමට බොහෝ බස් සේවකයන් කටයුතු නොකරන නිසා අඩු වූ බස් ගාස්තුවේ වාසිය හෝ බොහෝ මගීන්ට නොලැබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා ඉතිරි මුදල් ලබානොදෙන බස් රථවලට හා ගාස්තු පත්‍රිකාව ප්‍රදර්ශනය නොකරන හා වර්තමාන ගාස්තුව අය නොකරන බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
popular news
-
Bandula. Wednesday, 02 January 2019 10:20 AM
ගාස්තුව වැඩි කරද්දිනම් බොරුවට බුරනවා, එත් අඩු කරද්දී සති ගණන් ඇදල දැන් එකත් ඉතුරු දෙන්නේ නැතුව යනවා, බලේට පොරකන ලොක්කෝ අහිංසක අපි ගැනත් හිතල පෙර ගෙඋම් කාර්ඩ් එකක් ඉක්මනින් සකසන්න එවිට කොන්දොස්තර අයගේ මේ වන්චාවත් නිකම්ම නවතිනවා. ජනාදිපති තුමනි ඔබගේ අවදානය යොමු කරන්න මේගැන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
