බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබේ.
ඒ අනුව ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා මෙම වැටලිම සිදු කර තිබේ.
හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 114 ක් හා නීතිවිරෝධි මත්පැන් වලට සම්බන්ධ 108 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
