බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථවලට හිරිහැර වන අයුරින් කටයුතු නොකරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් දෙයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඇතැම් නිලධාරින් විසින් පුද්ගලික බස් රථවලට කරදර හිරිහැර වන අයුරින් කටයුතු කරන්නේ යැයි පුද්ගලික බස් රථ සංගම් හා බස් හිමියන් විසින් අමාත්‍යවරයාට දැනුම් දී තිබිනි.
බස් රථ සංගම් සමග කළ සාකච්ඡාවේ දී ඊට සහභාගි වූ නියෝජිතයෝ මෙම කරුණු සැළ කළ අතර තමන් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ඔවුන්ට දැනුම් දුන්නේය.
ඒ අනුව පසුගියදා අමාත්‍යවරයා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් ගෙන්වා මේ සම්බන්ධව විමසීමක් කළේය.
ඒ අනුව එම නිලධාරින් කියාසිටියේ මාර්ගවල විනය කඩකරන හා මගී ජනතාවට හිංසාවන අයුරින් කටයුතු කරන බස් රථ සම්බන්ධව තමන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
මෙහිදී අමාත්‍යවරයා කියාසිටියේ මාර්ග විනය පවත්වා ගැනීම හා මගි ජනතාව හිංසාවන අයුරින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් නොවන බවයි.
එමෙන්ම බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස් රථ සඳහා ලොග්සීට් ගාස්තු අය කිරීම සඳහා තාවකාලික සහනයක් අගෝස්තු මස 31 වන තෙක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම කොවිඩ් 19 නිසා මේ වනවිට පුද්ගලික බස් රථ හිමියන්ගේ ආදායම් ඉතාමත් අවම වී තිබෙන බැවින් ඔවුන්ට අනවශ්‍ය බර පැටවෙන පරිදි තීන්දු තිරණ නොගන්නා ලෙසත්, ඔවුන්ට හිංසාවන පරිදි කටයුතු නොකරන්නැයි ද උපදෙස් දුන්නේය.
