බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා නිදහස්ව නිවසට ගොස් සිටි යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙකි පුද්ගලයා පසුගිය 11 වැනිදින බන්ධනාගාරයේ සිට ඇප ලබා නිදහස්ව නිවසට පැමිණි ඇත. බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට මුල්වරට කොරෝනා වෛරසය ආසාදනය වු රැදවියකුගෙන් මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද හෙතෙම පවසයි.
මොහු එම රැදවියාගේ පළමුවැනි ආශ්‍රිතයකු වන අතර ඒ සමග මොහු 12 වැනි දින නිරෝධායනයට ලක්කොට 13 වැනිදින පි.සි.ආර් පරික්ෂණයට ලක්කරණු ලැබිය. ඊයේ (16) ලැබි ඇති පි.සි ආර් පරික්ෂණ වාර්තාව අනුව මෙකි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද ඒ මහතා සදහන් කළේය.
ඒ අනුව මෙකි පුද්ගලයාගේ දරුවන් හා බිරිද ඇතුළු සිව් දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇත.