බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
රැදවියන් 107 දෙනෙකු හා බන්ධනාගාර නිලධාරින් 25 දෙනෙකු ඊයේ (13) පි.සි.ආර්. පරික්ෂණයට ලක්කරණු ලැබිය. අද දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසවි.
කොරෝනා වෛරසය ආසාදනය වු රැදවියන් 44 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි.
පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරසය ආසාදනය නොවු බන්ධනාගාර නිලධාරින් දින 14 නිරෝධායනයට ලක් කිරිමට පියවරගන්නා බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ඔවුන්ගේ දෙවැනි පි.සි.ආර් පරික්ෂණය 25 වැනිදින සිදුකරණ බවද පවසයි.මේ අතර බුස්ස බන්ධනාගාරයේ ඉතිරි 260 දෙනා හෙට (15) පි.සි ආර් පරික්ෂන සදහා යොමු කිරිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි. මිට පෙර බුස්ස බන්ධනාගාරයේ මෙමබ වාට්ටුවේ සිටි රැදවියන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.