බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (18) දින තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙකි සැකකරුවන් දෙදෙනා බද්දේගම නවජනපදයේ හා හික්කඩුව ගලගොඩ කුලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. මෙකි සැකකරුවන් දෙදෙනා ඉකුත් 11 වැනිදින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා නිවෙස්වලට ගොස් ඇත.
මෙකි සැකකරුවන් දෙදෙනා පි.සි.ආර් පරික්ෂණවලට යොමුකොට ඇති අතර එම පි.සි.ආර් පරික්ෂණවලදි මොවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොවුන් දෙදෙනා ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහල වෙත පිටත්කොට යැවිමට කටයුතු කළ බවද හෙතෙම පවසයි. මේ අතර මෙකි සැකකරුවන් දෙදෙනාගේ පවුලේ අය ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇත.
මෙකි සිද්ධියත් සමග බද්දේගම නව ජනපදයේ ප්‍රජාවගේ පි.සි.ආර් පරික්ෂණ 500ක් හා ගලගොඩ කුලිගොඩ ප්‍රදේශයේ ප්‍රජාවගේ 200ක් පමණ පි.සි.ආර් සිදුකිරිමට සැලසුම්කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මේ අතර ඊයේ (18) දින කොළඹ නැව්තටාංගණයේ සේවය කරණ බද්දේගම ප්‍රදේශයේ පදිංචි අයෙකුට සහ බලපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවල දි තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වු බලපිටියේ පදිංචි පුද්ගලයාගේ පවුලේ අයට මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වි තිබු බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.