බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනගාර අධිකාරි කාර්යාලය පවසයි.
ඊයේ (05) දින රැදවියන් 74 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් රැදවියන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙකි රැදවියන් වළහන්දුව හික්කඩුව හා ඇල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. මෙම රැදවියන් මිට පෙර ආසාදනය වු රැදවියන්ගේ ආශ්‍රිතයින් බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මේ වනවිට බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කොරෝනා පොකුර 72 දෙක දක්වා වැඩිවි ඇති බවද බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලයේ ප්‍රකාශකයකු සදහන් කළේය.
ආසාදිත රැදවියන් තිදෙනා ගල්ලැල්ල පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කර ඇති බවද එම ප්‍රකාශයකයා වැඩිදුරටත් සදහන් කළේය.