2015 ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන අගොස්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (26දා) නියම කළේය.
2015 ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය. නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.ඉදිරිපත් වු කරුණු සළකා බලා අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන අගොස්තු මස 06 වැනිදා යළි කැඳවීමට නියම කළේය.