ජනාධිපතිවරණ පනතට පටහැණි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) නියම කළේය.
මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කොට ඇති අභියාචනාධිකරණය මෙම නඩුව මෙම අධිකරණයේ විභාග කිරීම වලකාලමින් නියෝගයක් නිකුත් කොට ඇතැයි දැනුම් දෙමින් කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.