Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ තත්ත්වයන් මත රටේ යම් දේශපාලනික වෙනසක් සිදුවුවහොත් රට නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීමට අවශ්‍ය සුදුසුම පුද්ගලයන් සොයා ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ලහි ලහියේ කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
නොවැම්බර් මස පස්වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එයට විකල්ප අයවැයක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් සකස්කර අවසන් බව වාර්තා වෙයි.
යම් හෙයකින් භාරකාර ආණ්ඩුවක් පැමිණියහොත් නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා දක්ෂ නිලධාරීන් අවශ්‍ය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මතයක සිටින හෙයින් ඔවුන් මෙසේ සුදුසුම පුද්ගලයන් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
popular news
weliweriye janathawa wenuwen! Tuesday, 09 October 2018 02:04 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 712 913
Champa Wednesday, 10 October 2018 04:06 PM
බලාගෙන ඔහොම සාප කරන්නේ හොඳද? ඕක ඔබටම ආපිට එන්න හොඳටම ඉඩ තියෙනව. ඒ මොකොද කිව්වා නම් ඔබ ඔය සාප කරන්නේ ඔබට ජීවිතේ දුන්නු නායකයට. තමන්ගේ ජීවිතේ ගැනවත් නොහිත එතුමා කොටින්ට විරුද්ධව සටන් කරන්න දේශපාලන තීරණයක් ගත්ත විතරක් නමේ උතුරේ ඉතාම දරුණු සටන් තියෙත්දිත් හමුදාව ධෛර්යමත් කරන්න උතුරට ගියා. කිසි වග විභාගයක් නැතුව බෝම්බ පිපිරුණු තැන් වලට ගිය. ඒ මිනිස්සු අදටත් එතුමාට පින් දෙනවා. එතුමාට සාප කරන්නවත් ඔබ අද ජීවත් වෙන්නේ එතුමා නිසා. නැත්නම් ඔබත් අද ජීවතුන් අතර නැහැ. වැලිවේරියේ සිද්ධියට මහින්දගේ අනුදැනුමක් නැහැ. ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. හැබැයි හිටපු ජනාධිපතිතුමා අගමැති වෙන එක නවත්තන්න ඔබටවත් කාටවත් බැහැ. එතුමා වෙනුවෙන් මේ රටේ ජනතාව යුතුකම් ඉෂ්ඨ කලේ නැහැ. ආයේ කවදාවත් එතුමාට අසාධාරණයක් නොවෙන විදිහට කිසිම අපහාසයක් නින්දාවක් නොවෙන්න දේවල් අනාගතේ සිද්ධ වෙයි. බලා ඉන්න.
Reply : 0 0
Champa Tuesday, 09 October 2018 03:25 PM
මේක තමයි ලොකුම විහිළුව. ප්‍රයෝගිකව කවදාවත් කරන්න බැරි වැඩක්. මම මේ ගැන comments තුනක් දැම්ම එකක් ඉංගිරිසියෙන් 2ක් සිංහල. සිංහල 2න් එකක් වැටිලා. අනිත් 2 නැහැ. ආයේ ලියන්නත් කම්මැලියි. Save කරන පුරුද්දක් නැහැ. මේක විහිළුවක් වෙන්නේ මෙහෙම් නිසා. 1. නීතිමය පැත්ත අනුව සභාග හෝ භාරකාර ආණ්ඩුවක් හදන්න බැහැ. 19A අනුව පාර්ලිමේන්තුවේ "තනි පක්ෂයක්" විදිහට 2/3 නැත්නම් වැඩිම ආසන ගත්ත පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න ඕනේ. මේක automatic. 19A ට විරුද්ධව තනි පක්ෂෙකට ආණ්ඩුවක් හදන්න බැහැ. කතානායක පිළිගන්නේ නැහැ සහ අනිත් පක්ෂෙට පුළුවන් නඩු කියන්න. 2. භාරකාර ආණ්ඩුවක් හදන්න නම් තියෙන ආණ්ඩුව විසුරුවා හරින්න ඕනේ. ජනාධිපතිට විසුරුවන්න පුළුවන් අවුරුදු 4 1/2 කට පස්සේ. තියෙන එකම විදිහ Motion එකක් ගෙනල්ල 2/3න් සම්මත කරලා ජනාධිපතිට කියන එක විසිරුවන්න කියලා. මේක කරන්න පුළුවන් වැඩි චන්ද තියෙන යුඑන්පි එකේ සහයෝගයෙන් විතරයි. ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන් කම තියෙත්දී විපක්ෂෙට ආණ්ඩුවක් හදන්න තමන්ගේ ආණ්ඩුව විසිරුවන්න කියලා Motion එකක් ගේනන සහ ඒක 2/3න් සම්මත කරලා දෙන්න රනිල්ට ඉතින් සෑහෙන මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. අනිත් ඒ
Reply : 0 0
Champa Tuesday, 09 October 2018 03:39 PM
Continued'..... අනිත් එක දෙපැත්තේම ඉන්න මන්ත්‍රීවරු කිසිකෙනෙක් කැමති වෙනවද කලින් පාර්ලිමේන්තුව විසුරවා හැරලා විශ්‍රාම වැටුප නැති කරගන්න? 3. අයවැය පරද්දන එකත් විහිළුවක්. පැරද්දුව කියලා ලැබෙන දෙයක් නැහැ. ඒ මොකොද කිව්වා නම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි නිසා. රනිල්ගේ අනිත් වැඩ කෙසේ වෙතත් තමන්ගේ බලය රැකගන්න මෛත්‍රී එක්ක එකතු වෙලා ගෙනාපු 19A නම් super කියලා කියන්න ඕනේ. 4. භාරකාර ආණ්ඩුවක් හදන්න පුළුවන් අනිත් විදිහ කියලා කෙනෙකුට හිතන්න පුළුවන් රනිල් අගමැතිකමෙන් කැමැත්තෙන් ඉල්ලා අස්වෙන එක. අස්වුනත් රනිල් පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 දෙන්නේ නැති නිසා, අස් වුනත් ආයෙත් එන්නේ මුලට. ඒ කියන්නේ 19A අනුව UNP SLFP පක්ෂ දෙකම එකතු වෙලා තමයි ආණ්ඩුව හදන්න වෙන්නේ. එතකොට යුඑන්පි එකේ නායකයා රනිල්. ආයෙත් රනිල් එක්කම තමයි ඔය කියන භාරකාර ආණ්ඩුව හදන්න වෙන්නේ. ආයෙත් රනිල්වම තමයි අගමැති කරන්න පුළුවන්. ඒ මොකොද කිව්වා නම් තනි පක්ෂයක් විදිහට පාර්ලිමේන්තුවේ වැඩිම ආසන තියෙන පක්ෂේ නායකයා තමයි අගමැති වෙන්නේ. කැරකිලා ආයේ මුලටම එනවා. ඔයි වැඩේ කොහොමත් කරන්න බැහැ.
Reply : 0 0
Champa Tuesday, 09 October 2018 03:55 PM
5. රනිල්ට part දාන්න අවොත් TNA සහ/හෝ JVP(?) එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා මම තැනක කිව්වා for fun. නමුත් 19A අනුව රනිල්ට වුනත් එහෙම කරන්න බැහැ. මේක ඉස්සරත් ලිව්වා. අනුන්ට අටවපු උගුලේ දැන් රනිලුත් හිරවෙලා. නැත්නම් රනිල් මෙලහට TNA එක්ක ආණ්ඩුවක් හදල. නොකර ඉන්නේ එහෙම කරන්න නීතිමය වටපිටාවක් නැති නිසා. නමුත් පනත් සම්මත කරගන්න රනිල් දිගටම TNA සහයෝගය ගනියි. දැන් රනිල්ට කොහොමත් එකයි. යන්න වෙන බව දන්නවා. මම කියන්න ගියේ ඔය භාරකාර ආණ්ඩු කතාව බොරුවක්. අනිත් එක මෛත්‍රී කිසි දවසක මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ. මෙහෙම කතාවක් එන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂේ ඉන්න ගෝඨාභයගේ sidekicks සහ බැසිල්ගේ sidekicks දෙගොල්ලොම එක විදිහට මේකට කැමති වෙන්න මෙතන මොකක් හරි ලොකු catch එකක් තියෙන්න ඕනේ. නැත්නම් දෙයියොනේ මුළු රටම පාරට අරන් අන්තිම දක්වා සටන් කරලා ජීවිතේ දීල හරි රට කන පරගැති ආණ්ඩුවෙන් රට බේරාගන්නවා කියපු ඒකාබද්ධ විපක්ෂයේ සිංහයෝ දළ ඇත්තු විතරක් නෙමෙයි වටු කුරුල්ලොත් මෙච්චර කල් ඉඳල දැන් මේ "කන් කඩා වැටිලා ඉන්න ආණ්ඩුවත්" එක්ක එකතු වෙන්න ඕනේ කියන්න මෙතන මොකක් හරි දෙයක් තිය්නව්
Reply : 0 0
Champa Tuesday, 09 October 2018 04:13 PM
හේතු මේවා වෙන්න පුළුවන්. 1. මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න. නැත්නම් ඉතින් මහින්දට ආපහු මුළු රටම එකතු වෙලා ඉන්න වෙලාවක, මහින්ද ඉතාම ශක්තිමත්ව ඉන්න වෙලාවක, කන් කඩා වැටිච්ච ආණ්ඩුවට එකතු කරලා මහින්දට උඩින් මෛත්‍රිව තියන්න හදන්නේ මොකොටද? 2. මහින්ද බිම් මට්ටම හෙවත් තමන්ගේ චන්දදායකයන් අතරට ගිහින් ශක්තිමත් වුනොත් පොහොට්ටුව සෙට්ටපෝච්චි වෙන නිසා සහ පොහොට්ටුවට හෙවත් බැසිල්ට say එකක් නැතිවෙන නිසා. අමිහිරි වුනත් මතක තිය ගන්න ඕනේ දෙයක් තියෙනව. පොහොට්ටුවේ බිම් මට්ටම ජන බලයට සහයෝගය දුන්නේ නැහැ කියන එක. ජනබලය පාවා දුන්න කියන එක සහ මහින්දගේ බිම් මට්ටම දැන් හසුරුවන්නේ බැසිල් කියන එක. 3. බැසිල් ගෝඨාභය දෙන්නටම මහින්ද දුර්වල කරලා මෛත්‍රී ශක්තිමත් කරන්න උවමනාවක් තියෙනව කියන එක. ආණ්ඩුවට මහින්ද එකතු වුනු ගමන් (භාරකාර ආණ්ඩුවක් කියලා බොරුවට කියයි) පාලනය යන්නේ UPFA/SLFP එකට. සභාපති මෛත්‍රී. ඊට පස්සේ කියයි වැඩි චන්දෙ අනුව වැඩ කරමු කියලා. දැන් මහින්ද JO එකේ නායකයා වුනාට ආණ්ඩුව පැත්තට ගියාම නායකයා මෛත්‍රී. මහින්දට say එකක් නැති වෙනවා. 2015 මහින්දට හුඟක් කිට්ටුව හිටපු මිනිස්සුත් වෙනස් වුන. සොභිත් හාමුදුරුවෝ හම්බ ව
Reply : 0 0
Champa Tuesday, 09 October 2018 04:30 PM
4. ගෝඨාභය බැසිල් දෙන්නටම පාර්ලිමේන්තු යන්න උවමනයි කියන එක. Citizenship අයින් කරගන්න පුළුවන් without prejudice. ඔය කියන obstacles තියෙනව කියලා මම හිතන්නේ නැහැ. මහින්දයි JOඑකයි ආණ්ඩුවට එකතු කලාට පස්සේ යෝජනාවක් එයි ජාතික ලයිස්තුවේ දෙන්නෙක්ට අයින් වෙන්න කියලා අර දෙන්නව ගන්න. කාගේ බලයද වැඩි වෙන්නේ කියලා දෙකේ පන්තියේ ළමය්ක්ගෙන් අහල කියන්නම්. 5. ගෝඨාභයගේ sidekicks සහ බැසිල්ගේ sidekicks දෙගොල්ලොම දන්නවා මහින්ද එයාගේ ජනාධිපති අපේක්ෂකයා විදිහට දාන්න ඉන්නේ කවුද කියලා. මේ දෙකොටසම ඒ මිනිහට කැමතිනැහැ ඒ මොකොද තමන්ගේ බලය අඩුවෙලා යන නිසා හෝ වෙන මොකක් හරි හේතුවක් නිසා. ඒ හින්ද ඒක නවත්තන්න කන් කඩා වැටිච්ච ආණ්ඩුවට මහින්දව එකතු කරලා මහින්දගේ මිනිහ නැතුව ඇතුලෙන් වෙන මිනිහෙක් හෝ වැඩි කැමැත්තෙන් ගෝඨාභයව (මෛත්‍රී පිල කැමතියි උඩින්ම) ජනාධිපතිවරණෙට නම් කරන්න. ඊට පස්සේ ශ්‍රීලනිප සභාපතිකමට ගෝඨාභයගේ නම යෝජනා වෙයි. ඒ මොකොද අනිත් පැත්ත පොහොට්ටුව මහින්ද කියලා කියයි. කලිනුත් කියල තියෙන විදිහට බැසිල්ගේ බර තියෙන්නේ මහමැතිවරණයකට යන්න තමන්ගේ පක්ෂේ පොහොට්ටුවෙන්. මහින්ද SLFP සභාපතිත් නෙමෙයි පොහොට්ටු සභාපතිත් නෙමේ.අතරමං.
Reply : 0 0
Champa Tuesday, 09 October 2018 04:46 PM
තවත් හේතු කිව්වැකි. 6. ඊළඟ ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල මෛත්‍රීට ඕනේ මහින්දව 2015 අගෝස්තු හිටිය වගේ තමන්ගේ අඩංගුවට ගන්න. එහෙම කරන්න නම් මහින්දව අර පැත්තෙන් අරන් හෝ ඒ පැත්තට එකතු වෙලා හෝ තමන්ට say එකක් හදා ගන්න ඕනේ. ඒකට දැන් පේන විදිහට ඒකාබද්ධ විපක්ෂේන් ලොකු තල්ලුවක් තියෙනවා. අනිත් එක මහින්දගේ බිම් මට්ටම දැන් පොහොට්ටුවේ බිම් මට්ටම වෙලා. පාලනය කරන්නේ බැසිල්. කලිනුත් කිව්වා වගේ බැසිල් කැමති නැහැ ජනාධිපතිරණය මහින්දගේ මිනිහෙක් දිනනවට. අර කලින් කිව්වා ඒවා හරි නොගියොත් හෙවත් මහින්ද ආණ්ඩුවට එකතු නොවුනොත් මහින්ද දාන මිනිහ බැසිල් පරද්දන්න කටයුතු කරනවා. බිම් මට්ටමේ චන්ද යටින් කඩනවා. මෛත්‍රී ඉල්ලුවොත් ඒ චන්ද මෛත්‍රීට දෙන්න කියයි මහින්දගේ මිනිහට නොදී. මේවා හිතළු නෙමයි. මට පේනවා යන්න හදන පාර. 7. හිටපු ජනාධිපතිතුමා, කවුරු කන් කඩා වැටිච්ච ආණ්ඩුවට එකතු වෙන්න හැදුවත් ඔබ යන්න එපා. තනියම හරි ඔතනම ඉන්න. නිකම් ඉන්න එකේ ඔබ ඔබේ බිම් මට්ටමේ මිනිස්සු බලන්න යන්න. ඔය කවුරුවත් හිතන මිනිහ නෙමෙයි ජනාධිපති වෙන්නේ. ඊළඟ ජනාධිපති කවුද කියන තීරණය තියෙන්නේ ඔබේ අතේ. පිරිසකට ඕනේ වෙලා තියෙනවා මේක ඔබේ අතින් ගන්න. ඒකට ඉඩ දෙන්න එපා.
Reply : 0 0
Champa Tuesday, 09 October 2018 05:03 PM
ඉස්සෙල්ල කොටසේ මේක ලියන්න ඉඩ මදි වුන. හිටපු ජනාධිපතිතුමා, ඔබව වට්ටන්න හදපු පලවෙනි අවස්ථාව මේක නෙමෙයි. 2005 චන්ද්‍රිකා ඔබට විරුද්ධ වෙලා රනිල්ට සහයෝගය දුන්න. නමුත් ඔබ දින්නා. 2010 සරත් ෆොන්සේකා ඔබට විරුද්ධ වුන. ඔබේ පිරිසකුත් ඔහුට සහයෝගය දුන්න. නමුත් ඔබ දින්නා. 2015 ත් ඒ විදිහටම ඔබ එක්කම හිටි මිනිස්සු ඔබට විරුද්ධ වුනා. නමුත් ඒ පාර ඔබ පැරදුන. එහෙම වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. 19A එකෙන් ඔබට නැවත ඉල්ලන්න බැරි වෙන්න හිර කරලා තියෙනව. නමුත් මම හිතනවා හේතුවක් අ කියලා. බලන්න දැන් යන විදිහට මුළු රටම ඔබට ඉඳලත් ආපහු ඇතුලෙන් ඔබේම පිරිසක් විරුද්ධ වෙලා ඔබව පරද්දන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඊළඟ පාර ඔබව දිනවල දෙන්නේ වෙන මිනිහෙක්. ඔබට විරුද්ධව ජාත්‍යන්තරය ආයෙත් නැගිටින ලකුණු දැනටම පෙන්වා. මම කියපු අනිත් හේතු ඔක්කොම වැරදිය කිව්වත්,ඔබව කන් කඩා වැටිච්ච ආණ්ඩුවට අරන් ගිහින් එතැනදී වැඩි දෙනා කියයි ජාත්‍යන්තරය දිනා ගත් මිනිහෙක්ව ඊළඟ ජනාධිපති විදිහට ඉදිරිපත් කරමු කියලා. මම කියනදේ තේරෙනවා නේද? අර ඇමරිකන්කාරයගේ කතාව feed කරපු එකක්. මම කියන්න ගියේ ඔතනම ඉන්න. ඔක්කොම බාධක ජයගෙන ඔබ ඉදිරිපත් කරන මිනිහ දිනනවා.There is a way.
Reply : 0 0
rocky Tuesday, 09 October 2018 06:36 PM
විකල්ප අයවැයෙනුත් 10% ගහන්න හිතේ ඇති නේද? වැලිවේරියේ ළමයා කියන කතාව මමත් අනුමත කරමි.යුද්ධය විකුණා ගෙන කාලා ජනතාව රවටාගෙන රට උලාකාපු රාජපක්සලාට පමණක් නොව කලින්ම මහ බැංකුවට කෙලපු කබරාලයාටත් සාප වේවා!
Reply : 15 105
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd