බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේනතුවට පැමිණීමට නියමිත බවත් ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාරය රංජිත් බණ්ඩාර මහතා ඉවත්වීමට නියමිත බවත් වාර්තා විය.
කෙසේ වෙතත් අද දිනයේදී උඩුනුවර පැවැති උත්සවයකදී පත්කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව මේ අවස්ථාවේදී කථා කළ නොහැකි බවත් ඉවත් වීමේ සූදානමක් ඇත්නම් පළාතේ පවත්වන සංවර්ධන කටයුතු වලට තමා නොඑන බවත්ය.
මහාචාර්යවරයා මෙසේ පැවැසුයේ අද (26) උඩුනුවර ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන මානෙල් අංග කසළ ප්‍රතිචක්‍රීකරණය මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 06 දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දීමට නියමිත අතර එදිනම සවස මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් පත්වීමට නියමිත බව වාර්තා වෙයි.