බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඉල්ලා ඇති අතර දින දෙකක් ඇතුළත එතුමාගේ අවසන් තීරණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවටය.