බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද (11) දිනයේ විවෘත කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු ඒ අනුව අද දිනයේ සිට ආරම්භ කෙරෙන බවය.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
මේ අතර, නැගෙනහිර පළාතේ පාසල් 32 ක් හැර අනෙක් සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.