බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි මහජනතාව සඳහා සිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෙට දින සිට විහාර මහ දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ලබාගත හැකි බව යුද හමුදාව ප්‍රකාශ කරයි.
යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් මගින් හෙට (15දා) උදෑසන 8.30 සිට 4.30 දක්වා මෙසේ එන්නත් ලබාගැනීමට අවස්ථාව තිබේ.
එන්නත් ලබා ගැනීමට පැමිණෙන අය බස්නාහිර පදිංචිකරුවන් බවට සහතික කිරීම සඳහා අවශ්‍ය ලියවිලි රැගෙන එන ලෙසද යුද හමුදාපත ප්‍රකාශ කරයි.
ඒ සඳහා ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පත, දුරකතන බිල් පත හෝ ඡන්ද හිමි නාමලේඛණයේ ග්‍රාම නිලධාරී සහතික කරන ලද පිටපත් රැගෙන එන ලෙසද යුද හමුදාව පවසයි..
වේරහැර පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා කඳවුරේ එන්නත්කරණ මධ්‍යස්ථානය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් බත්තරමුල්ල දියත උයනේ ක්‍රියාත්මක කරනු ලැබූ එන්නත්කරණ මධ්‍යස්ථානය හෙට දිනයේ ක්‍රියාත්මක නොවන බවත් නැවතත් 19 දා උදෑසන සිට ක්‍රියාත්මක බවත් යුද හමුදාව වැඩිදුරටත් නිවේදනය කරයි.