බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (17දා) සිට ඉදිරි සතිය පුරා උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව හම්බන්තොට, මොනරාගල හා මාතලේ යන දිස්ත්‍රික්කවල විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යාහැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකි බවත්, සිහින් වැසි ඇති වන ප්‍ර‘දේශවලට ලබන 20 වැනිදා සහ 21 වැනිදා යන දෙදින තුළ වර්ෂා තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර ඉහළ යාහැකි බවත්, මන්නාරමේ සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යාහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.