කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාල චක්රලේඛණය ඊයේ (15) දින නිකුත් කළ බවත් ඒ අනුව මෙම මස 25 වෙනිදා දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
” ඊයේ (15) දිනයේ උපකාරක පන්ති පැවැත්විම උදෙසා අවශ්‍ය චක්රලේඛණය නිකුත් කරා. එම චක්‍ර ලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සදහා ජනවාරි මස 25 දින සිට අවසර ලබාදී තිබෙනවා. උපකාරක පන්තියකට සහභාගි කර ගත හැක්කේ ඉදගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් සියයට 50 ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100 ක් දක්වා පමණයි.
මෙම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සදහා පමණක් විවෘත කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අනතුරුව රටේ පවතින තත්ත්වයත් සමග අනෙකුත් උපකාරක පන්ති විවෘත කළ හැකියි.
උපකාරක පන්ති පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරිම යන ක්‍රියාවලින්ට අදාල මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ සියලු දේ චක්‍රලේඛයේ අඩංගු කර තිබෙනවා. මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටත් කොවිඩ් රෝගීන් යම් යම් ස්ථාන වලින් වාර්තා වන අවස්ථාවක තමයි මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ.