කොළඹ ජාතික රෝහලේ කොරෝනා ආසාදිත හෙදියක් ,මතුගම - කොළඹ (430) මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන් කිරීම නිසා, එහි රියදුරුට හා කොන්දොස්තර වරයාට ද කොරෝනා ආසාදිතයින් බවට හඳුනා හඳුනා ගැනීම නිසා, පළාතේ සියලුම බස් රථ සේවකයින් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
සභාපතිවරයා මේ බව පැවසූයේ, අද බත්තරමුල්ල, රන්මගපාය බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,
මෙම බස් රථයේ ගමන් ගත් මගීන් සියලු දෙනා මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කරමින් සිටිනවා. අදාළ සිද්ධිය වාර්තා වීමත් සමග මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ හා ඒ අවට විෂබීජහරණයට ලක් කිරීමටත් අපි පියවර ගත්තා.
එසේම මේ බස් රථයේ ගමන් ගත් මගීන් ගේ ආශ්‍රිතයින් සොයා මේ වෙන විට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සමීක්ෂණයක් ද ආරම්භ කරල තියෙන්නෙ. ඒ නිසා කිසිවකුත් මේ පිළිබඳව භිය විය යුතු නෑ. බස් රථයේ ගමන් ගත් මගීන් ගේ ආශ්‍රිතයින් පහසුවෙන්ම සොයාගැනීමට ඉන් අපිට හැකි උනා. ඒ අයගේ විස්තර කළුතර සෞඛ්‍ය විද්‍යායතනයට මේ වෙනකොට යොමු කරලයි තියෙන්නෙ .ඒ අනුව සියලුම මගින්ගේ හා ආශ්‍රිතයෙන් ගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වල වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතයි .
ඒ නිසා මතුගම ජනතාවට කියන්න තියෙන්නේ මේ සිද්ධිය පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර ගන්න එපා, මේ වන විට බස් නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශයත් මතුගමින් ගමන් ආරම්භ කරන සාමාන්‍ය හා සුඛෝපභෝගී බස් රථත් විෂබීජහරණයට ලක් කරලායි තියෙන්නේ.
මේ තත්ත්වය පිළිබඳව සලකා බලා අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සියලු ම පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරුන් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නවා .