බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට බස්නාහිර පළාත් සභාව, ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර තිබේ. බස්නාහිර පළාත් සභාව ගත් විවිධ තීන්දු තීරණ සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වූ අතර, එම තීන්දු තීරණ සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු විමසීමට නියමිතය. එමෙන්ම පසුගිය වසරවලදී බස්නාහිර පළාත් සභාවේ වියදම් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විගණන වාර්තා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත අතර, එම වාර්තාවල දැක්වෙන වියදම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන බවද සඳහන්
එසේ වුවද පළාත් සභාව සතු ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලී භාණ්ඩ හා කාර්යාල උපකරණ හඳුනාගෙන ඒවා අරමුදලේ ගිණුමට ඇතුළත් කර නොමැති බවටත්, පළාත් සභාව සතු වාහන සම්බන්ධයෙන් පළාත් සභා අරමුදලේ තොරතුරු සඳහන් කර නොමැති බවටත් රාජ්‍ය ගිණුම්කාරක සභාව සඳහන් කර තිබිණි.
මෙම දුර්වලතා පිටුදැකීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කළ යුතු බවටද රාජ්‍ය ගිණුම්කාරක සභාව බස්නාහිර පළාත් සභාවට නිර්දේශ කර තිබේ. බස්නාහිර පළාත් සභාව බත්තරමුල්ලේ නව ගොඩනැගිල්ලට ගෙන යෑමේදී, පළාත් සභාව සඳහා පුටු මිලදී ගැනීමේදී, ශ්‍රවණාගාරය ඉදිකිරීමේදී සහ පළාත් සභා දොරවල් සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය.
මෙම කරණු සම්බන්ධයෙන්ද රාජ්‍ය ගිණුම්කාරක සභාව තුළ සාකච්ඡාවට බඳුන් කළ හැකි අතර, බස්නාහිර පළාත් සභාව පිළිබඳ දැනුම් දීමට යම් තොරතුරු ඇත්නම් ලබන 18 වැනිදාට පෙර එම තොරතුරු ලිපි හෝ දුරකථන මාර්ගයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට දැනුම් දීමට හැකියාව තිබේ.