බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් 2020 නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති විජේතුංග මහත්මිය මේ බව සඳහන් කළාය.
නැවත වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ දී ඇතිවිය හැකි තදබදය වළක්වාගැනීම සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීම අත්හිටවු 2020 ඔක්තෝම්බර් 07 දින සිට 2020 දෙසැම්බර් 31 දක්වා ම දඩ නොමැතිව වාහන ආදායම් බලපත්ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.