කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථ හයදහසක් අතරින් ඊයේ (16) දා ධාවනය වී ඇත්තේ බස්රථ දහසක් පමණක් බවත් ඉදිරියේදී එය යථා තත්ත්වයට පත් විය හැකි බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රාදේශීය කාර්යාල හතක් යටතේ පෞද්ගලික බස් රථ හයදහසක් පමණ බස්නාහිර පළාතේ ධාවනය වන අතර ඉන් දෛනික ධාවනය වන්නේ බස්රථ පන්දහස් බවත් ඉන් සැලකිය යුතු බස්රථ ප්‍රමාණයක් මේ දිනවල ධාවනය නොවන බවත් පැවසේ.
මීට හේතු වී ඇත්තේ මේ දිනවල පවතින කොරෝනා වසංගත තත්ත්වය බවද සභාපති වරයා කීය .
පළාතේ අඩපන වී තිබූ පොදු ප්‍රවාහන සේවාව යථා තත්ත්වයට පත්වීමත් සමඟ රජය මගින් පනවා තිබූ සෞඛ්‍ය උපදෙස් පෞද්ගලික බස් රථ තුලද ක්‍රියාත්මක කිරීමට මේ වන විට උපදෙස් ලබා දී ඇති බවද සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය
ඒ අනුව සියලූම රියැදුරු කොන්දොස්තර මහතුන් මුඛ ආවරණ පැළඳීම ,බස්රථ වල ඉදිරිපස හා පිටුපස දොරටුව අසල බීජ නාශක දියර ස්ථාපිත කිරීම සහ මුඛ ආවරණ පලදින මගින් පමණක් බස් රථ වල ප්‍රවාහනය කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව ද පැවසීය .
මේ තත්ත්වය මත ඊයේ 16 ද කොළඹ දිස්ත්‍රික්කයෙන් බස්රථ 518 ද , කලුතරින් බස්රථ 370 ද,ගම්පහින් බස්රථ 112ක් ධාවනය වී ඇති බව කියයි .
මේ වන විට පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් විසි දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදන ඇති බැවින් ඉදිරියේ දී පළාතේ සියලුම රියදුරු හා කොන්දොස්තරවරුන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට සැලසුම් කර ඇති බව ද සභාපති ප්‍රසන්න සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න