මේ වන විට මෙරට තුළ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිර යන වේගය සියයට සියය දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය විශෙෂඥයෝ සදහන් කරති.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කරන්නේ මේ වන විට මෙරටින් හදුනා ගන්නා කොරෝනා ආසාදිතයන්ගේ උගුරේ ඉහළ වෛරස් ප්‍රමාණයක් පවතින බැවින් එය වාතයට මුසුවීමේ තත්ත්වයක් ද පවතින බවකි.
සාමාන්‍යයෙන් කොරෝනා ආසාදිතයකු හදුනා ගැනීමේදී උගුරෙන් ගන්නා සෙම සාම්පල හතළිස් වතාවක් පමණ වර්ධනය කරනු ලබන අතර එහිදී වෛරසය හමු නොවුවහොත් ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට තීරණය කරන බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේය.
මේවන විට රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ රෝහල් ප්‍රතිකාර ලබා දිය යුතු ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම හමුවේ සංකූලතා නොමැති ආසාදිතයන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ඊයේ (09 වැනිදා) සිට කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.
මෙය රට පුරා කි‍්‍රයාවට නැංවෙන අතර රෝහල් ධාරිතාව ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය වී තිබීමද මෙවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට හේතුවී තිබේ.
එසේම මේ වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. ආසාදිතයන් වාර්තා වූ ආකාරය අනුව පෙරේදා (08දා) පමණක් බස්නාහිර පළාතෙන් ආසාදිතයන් 1491 හදුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයන් 832 දෙනකුම කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇත. එයට අමතරව කළුතර දිස්ති‍්‍රක්කයෙන් 320 ක් සහ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයන් 319 හදුනා ගත් බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.