බස්නාහිර පළාත තුළ ඊයේ සවස 3 සිට 6 දක්වා වෙරළ, උද්‍යාන, දිය ඇළි, ස්නානාය කරන ස්ථාන, ආහාර අලෙවි ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙහිදි ස්ථාන 1093ක් පමණත් පුද්ගලයන් 6328ක් නිරීක්ෂණයට හා සෝදිසියට ලක්කළ බවත් ඔහු පැවැසීය.
එහිදී නිරෝධායන නීතින්වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 38 අත්අඩංගුවට ලත් බවත් ඔහු සඳහන් කළේය.
මීට අමතරව අනාරක්ෂිතව ආහාර පාන අලෙවි කළ පුද්ගලයන් 6ක් හා රාත්‍රී මත්පැන් සාද පැවැත්වූ 12ක් අත්අඩංගුවට ගත් බවද ඔහු පැවැසීය.
තවත් පුද්ගලයන් 4306කට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීමට අදාළව අවවාද ලබාදුන් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.