කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට අනුව , බස්නාහිර පළාතේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යන මගීන් ප්‍රවාහනය කිරීමට, පෞද්ගලික බස් රථ එකොලොස්දහස් හාරසිය් තිස් අටක් , ධාවනය කර ඇති බව ,බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
ඒ ඉකුත් 01 දා සිට 09 දා දක්වා , සෙනසුරාදා සහ ඉරිදා හැර දින හතක කාලය තුළදී බව සභාපතිවරයා වැඩිදුරටත් කීය .
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බස්රථ 5263 ද, ගම්පහ දිස්ත්‍රික්කයේ බස්රථ 3483 ද ,කළුතර දිස්ත්‍රික්කයේ බස්රථ 2692 ලෙස බස් රථ 11438 මෙසේ ධාවනය කර ඇති බව පැවසේ
කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි පෞද්ගලික බස්රථ 6200 ලියපදිංචි වී ඇති අතර ඉන් දෛනිකව ධාවනය වන්නේ බස්රථ 4350 ප්‍රමාණයක් බව පැවසේ .
එහෙත් පසුගිය මාසයක කාලය තුළ පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් , ඉන් කිසිදු බස් රථයක් පොදු ප්‍රවාහන සේවාව සඳහා පළාත තුළ ධාවනය නොවූ අතර 21 දා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ මඟින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් බස්රථ ධාවනය කිරීමට අවසර ලබාදුන් බවත් පැවසේ .
ඒ අනුව පළමු දිනයේ දී පළාතේ ධාවනය වූයේ බස්රථ 431 බවත් එය ක්‍රමයෙන් වර්ධනය වී ,ඉකුත් 1 දා සිට 09 දා දක්වා දින හතකදී මෙසේ බස් රථ 11438 ධාවනය වී ඇති බව සභාපති ප්‍රසන්න සංජීව මහතා කීය .
එලෙස ධාවනය කරන සියලු බස්රථ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වලට අනුව ධාවනය කරන්නේදැයි පරික්ෂා කිරීම සඳහා බැස්ටියන් මාවත , බොරැල්ල, රත්මලාන , හෝමාගම , කළුතර , ජා ඇල සහ ගම්පහ පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලට මාර්ග පරීක්ෂක නිලධාරින් අනුයුක්ත කර ඇති බව සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න