බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිම සඳහා විශේෂ දුරකතන අංකයක් පොලීසිය විසින් ලබාදී තිබේ.
ඒ අනුව 0777 128 128 යන අංකය හඳුන්වා දී ඇති අතර එය හෙට (20දා) සිට ක්‍රියාත්මක වෙයි.
ගුරුවරුන්ට, දෙමාපියන්ට, ආදි සිසුන්ට හා වත්මන් සිසුන්ට මෙම දුරකතන අංකය අමතා තොරතුරු ලබාදීමේ අවස්ථාවක් පවතී.