හැටන් ප්‍රදේශයේ පාසල් වලට (29) දින ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව විදුහල්පතිවරුන් පැවසිය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලයේ 9 වසරේ සිසුන් 09 දෙනෙකුට සහ එම පාසලේ ගුරුවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා යලි දැනුම්දෙනතුරු පාසල තාවකාලිකව වසා දමන ලෙසට සෞඛ්‍ය අංශ කල දැනුම්දිමක් මත ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලය වසා දමා ඇති බවයි එම විද්‍යාලයේ උපවිදුහල්පති සංකර් මණිවන්නන් මහතා කියා සිටියේ.
ළමුන් 1481කින් සහ අචාර්ය මණ්ඩලයේ 81 දෙනෙකුගෙන් සමන්විත හැටන් ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත පාසලට යලිත් විවෘත කිරිමට පියවර ගන්නා බවයි උප විදුහල්පතිවරයා කියා සිටියේ.
හැටන් ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවෙකුගේ සහෝදරියක් හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන නිසාත්, අසාදනය වු වු සිසුන්ගේ ළගම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු 11 වසරේ සිටි නිසාත්, (29) දින හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ 10 සහ 11 වසර වල පාසලට පැමිණි ළමුන් ආපසු හරවා යැවිමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු නිලධාරිනියක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන් හමුවිම නිසා එම කලාප අධ්‍යාපන කාර්යාලයේ සියළුම නිලධාරින්ට සහ සේවක සේවිකාවන්ට නැවත දැනුම්දෙන තුරු කලාප අධ්‍යාපන කාර්යයාලයට නොපැමිණෙන ලෙසට පාලන අධිකාරියෙන් කල දැනුම් දිමක් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය තවදුරටත් වසා දමා ඇත.