බස් වර්ජනයකට සැරසෙයි
බස්රථ රියැදුරන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳා ගැනීමට හෙට (09දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
නව දඩ සංශෝධනයේදී වමෙන් ඉස්සර කිරීමට හා වේගයෙන් යෑමට එරෙහිව සිදුකර තිබෙන නව දඩ මුදල වහාම හකුළාගත යුතු බවද එම සංගමයේ ජාතික සංවිධායක කුමාර රේණු මහතා සඳහන් කළේය.
මීට අමතරව කාබන් බද්ද සම්බන්ධයෙන් හා බස් රථ නිල්පැහැ කිරීම සම්බන්ධයෙන් රියැදුරන්ට දඩ ගැසීම නවතා දැමිය යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගයට රියැදුරන් හා කොන්දොස්තරවරුන් සහභාගි වන බවත් ඔහු කියා සිටියේය.

-
Dayan Monday, 08 April 2019 07:46 PM
එයාලට හැන්ග්මන් රැකියාව ඉල්ලන්න තිබුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
