කරුවලගස්වැව 10 කණුව ප්රදේශයේ අද ( 23 ) දින උදෑසන යුද හමුදා බස් රථයක් ඇගළුම් සේවිකාවන් ගමන් කරමින් තිබු වැන් රථයක ගැටිමෙන් සිදුවු අනතුරින් හත් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
අනුරාධපුර සිට පුත්තලම යුද හමුදා කඳවුරේ පුහුණුවක් සදහා සෙබළුන් පිරිසක් රැගෙන එමින් තිබු යුද හමුදා බස් රථ දෙකකින් එක් බස් රථයක් එකවර 10 කණුව ප්රදේශයෙදී ඉස්සර කිරීමට යාමේදි පුත්තලම සිට නොච්චියාගම දක්වා ඇගළුම් සේවිකාවන් රැගෙන යමින් තිබු වෑන් රථයද අනතුරට ලක් කර ඇති බව පොලීසිය පවසයි.
අනතුරත් සමග බස් රථයේ ගැටුණ වැන්රථය වට කිපයක් කැරකී ගොස් පෙරළි ඇති බවත් එහිදි එම වැන් රථයේ ගමන් කල සේවිකාවන් හත් දෙනෙකු තුවාල ලබා සිටි බව කියයි.
අනතුරත් සමග තුවාල ලබා සිටි ඇගළුම් සේවිකාවන් පිරිස පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු අතර එයින් දෙදෙනෙකුට බරපතළ බව පොලීසිය කියයි.
අනතුර සම්බන්ධව යුද හමුදා බස් රථයේ යුද හමුදා රියදුරු කරුවලගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පුත්තලම - හිරාන් ප්රියංකර