බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ශ්‍රී ලංගම බස් රථවලටත් පෞද්ගලික බස් රථවලටත් මගීන් ගෙන යාමට මේ දිනවල අවසර දී ඇත්තේ ආසන ගණනට පමණයි. කොවිඞ් 19 වසංගතය සැලකිල්ලට ගෙන පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමේ පියවරක් ලෙස සෞඛ්‍ය උපදෙස් අනුව එම තීරණය ගෙන තිබේ.
ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීම ප්‍රවේශ පත්‍රයක් මිලට ගන්නා සෑම මගියෙකුටම තිබිය යුතු අයිතියක් බවත් මෙතෙක් නොසලකා හැර තිබූ එම මගී අයිතිය ඉදිරියේදී තහවුරු කරන බව අමාත්‍යවරයා පැවසුවා.