බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 71 වන ඇසල මහා පුණෝත්සවය හා පෙරහැර මංගල්‍යයට සමගාමීව පැවැත්වීමට සූදානම්කර තිබූ විශේෂාංග කිහිපයක් කල් දමා තිබේ.
ඒ අනුව
අගෝස්තු 18 වනදින කප්සිටුවීම , 27 වන දින විහාරස්ථානය තුල සිදුකරන මල් පෙරහැර , 28 වනදින පාවාඩ පෙරහැර හා 29 පෙරහැර නිමාකරමින් සිදුකරන දියකැපීමේ මංගල්‍යය හා දේවදානය මේ වනවිට රටේ පවතින කෝවිඩ් වසංගතයත් නව සෞඛ්‍ය නීතිරීති වලටද අනුගත වෙමින් රජයට සහාය ලබාදීමක් ලෙස දින නියමයක් නොමැතිව කල් දැමීමට ඇසල පෙරහැර කොමිටිය හදිසියේ තීරණය කරනු ලැබ ඇතැයි බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන් පැවසූහ
ඒ අතර අගෝස්තු 23 වනදින බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ ආචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ දේශණය සහ 25 වනදින සර්වරාත්‍රීක පිරිත් දේශණය සිදුකර 26 වන දින දහවල සංඝගත දක්ෂිණාව පිරිනැමීමද පමණක් සිදුකිරීමට නියමිත බවද දන්වා සිටී .