අගලවත්ත බෙල්ලන මහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය
එම සිසුවියගේ මව පිඹුර ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන අතර ඉකුත් තුන්වැනි දින ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට කවුරු වී ඇත
සිසුවිය ඊට පෙර දිනේ පාසලට පැමිණ ඇති අතර එදින එම පන්තියේ සිසු සිසුවියන් 56 දෙනෙකු සිට ඇති අතර ගුරුවරුන් දහතුන් දෙනකු ඉගැන්වීම් කටයුතු සිදු කර තිබූ බව අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය .
සිසුවියට ඉකුත් සිකුරාදා (5) සිදුකළ 8 ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී ඇයට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය