කාබුල් නුවර බලය අත්පත්කර ගැනීමටද තලේබාන් සංවිධානය සූදානම්වන අවස්ථාවකදී ඔවුන්ට බලය පවරාදීම සඳහා ඇෆ්ගනිස්තාන රජය හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.
අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙන්නේ සාමකාමීව බලය පවරාදීමට ඇෆ්ගන් රජය සාකච්ඡා ආරමභ කර ඇති බවයි.
යුදමය තත්ත්වයකින් කාබුල් නුවරට බලය අල්ලා ගැනීමට තවමත් සූදානම් නොමැති බව එම සංවිධානයද සඳහන් කර තිබේ. මේ අතර ඇෆ්ගන් ජනාධිපත් අශ්රාෆ් ඝානි මහතා රටින් පිටවී ඇති බවට මාධ්‍ය තොරතුරු වාර්තා කළත් ඇෆ්ගනිස්තාන රජය එය ප්‍රතික්ෂේප කර තිබේ.