කොවිඩ් -19න් වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුව අද (24 ) යළි විවෘත කිරිමට පියවර ගත් බව එම රෝහලේ ප්රකාශකයකු කීවේය.
එකේ වාට්ටුවේ සේවය කරන හෙදියකගේ සමීපතයකු කොවිඩ් -19න් ආසාදිතයකුවීමත් සමගම ඇයගේ පී.සී.ආර්.පරීක්ෂණයේ ප්රතිපල ලැබෙන තෙක් එම වාට්ටුව වසා දැමීමට ක්රියා කල බවද ඔහු කීවේය.
හෙදිය සදහා පැවැත්වූ පී.සී.ආර් පරීක්ෂණය සෘණාත්මක ලෙස වාර්තාව ලැබිමත් සමගම එකේ වාට්ටුව යළි විවෘත කළ බවද ඔහු කීවේය.
කරන්දෙණිය - සුසිල් ප්රියන්ත